තරුවකට පෙම් බඳිනු කෙලෙසද
කලා පිරි සඳ අරා නුබ ගැබ
සොමි කිරණ වගුරනා කල රැය
දාහයෙන් ගත දවන දහවල
සුළං රැල්ලක් පතනු කෙලෙසද
සිසිල් මද නළ ඔබෙ සුවඳ ගෙන
මගේ හද ගැබ දවාලන කල
හදේ නළියන දුක් සුසුම් රැල්
සබඳ අවනත කරනු කෙලෙසද
නෙතග නළියන කඳුළු මුතු කැට
කොපුල් පිසගෙන පොළව සිඹි කල
මට හිතෙන්නේ සමහර කවි පද පේලි මාරු උනා නං (පද හතරෙන්) මීට වඩා ලස්සන වේවි කියලා.. ජය වේවා..
ReplyDeletelassanayi eka.ilaga thotupole damu.
ReplyDelete