ගලන ගඟුලේ නගන දිය රැළි
ගිමන නිවමින් හමන මද නල
අදත් ඒ වාගෙමයි
පිපී හිනැහෙන කුමුදු මල් මැද
තනිය මැකු ඒ පුංචි මින් රැළ
හොරෙන් එබෙනා හිරු කිරණ අද
කොයි ගියාදැයි ඔබ අසයි
සසර ගමනේ එක්ව ඉන්නට
පැතූ පැතුමන් බොඳ වෙලා අප
බැස ගිහින් හිරු මගෙ ලොවේ අද
සිත පෙළයි මා වාරු නැති පය
ඔබේ අත ගෙන වැව් තෙරේ හිඳ
සිහින මැවුවෙමි සොඳුරු ලොවකට
පතිනියක වී පිය නඟයි ඔබ
අන් සතුව අද ඔබේ ලොවකට
නෑ සියන් නැත මිතුරු කැළ නැත
ඔබද ලඟ නැත මා තනිව ඇත
ඉතින් කම් නැත තුටින් ඉනු මැන
සෙනෙහෙ එකමයි දිවි තුරාවට