Monday, June 9, 2014

අම්මා....


තෙරක් නොපෙනෙන මහා කතරක
හඹා ගොස් මිරිඟුවක් පසුපස
පැතුම් සුන් වී හති වැටුනු කල
පවස නිවනා දිය බිඳයි නුඹ, අම්මා

සප්ත මහ සාගරය කළඹා
නුබ පිසින සැඩ චණ්ඩ රළ මැද
අතරමං වී මග සොයන කල
පාර කියනා පහන් ටැඹ නුඹ, අම්මා

අමාවක නුබ කළා පිරි සඳ
සොයා වෙහෙසී නෙත් ‍තෙමුණු කල
බලා සෙනෙහෙන් මදෙස හිනැහුණු 
අඳුරු නුබ දුල තනි තරුව නුඹ, අම්මා

1 comment:

  1. ලොව මේ තරම් නරක වන්නට හේතුව කලා කරුවන්ගේ නිහඬතාවයයි

    ReplyDelete